ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ සංචාරකයන්ට ශ්‍රී ලාංකීය කලා නිර්මාණ ඉදිරිපත් කිරීමේ වැඩසටහන් ගරු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මග පෙන්විම මත ශ්‍රී ලංකා සංචාරක මණඩලය මගින් සංවිධානය කර ඇත. මෙම වැඩසටහන් යටතේ සෑම මාසයකට වරක් රූකඩ කලා සංදර්ශනයක් පාරමිපරික රූකඩ කලා කෞතුකාගාරය මගින් සංචාරක මණ්ඩල ශ්‍රවණාගාරයේ දී ඉදිරිපත් කරනු ලබයි.
2010-10-27
කියුබාව හා ශ්‍රී ලංකාව අතර පවතින තානාපති සබඳතා සඳහා අවුරුදු 51 ක් පිරීම නිමිත්තෙන් කියුබානු රජයේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා කියුබානු තානාපති කාර්යාලය සංවිධානය කරනු ලබන විශේෂ සංස්කෘතික උත්සවයක් කියුබාවේ හවානා නුවරදී 2010 සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත අතර, මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සාම්ප්‍රදායික රූකඩ කලා කෞතුකාගාරයේ රූකඩ නාට්‍ය කණ්ඩායම සහභාගී වීමට නියමිතය.
2010-09-06
Sri lankan puppet art museum performed in the Hotels; Galle Face Hotel, Intercontinental, Galadari, Cinamon Lake and Taj Samudra Hotel for which the Artists were accommodated with for the IIFA which was held in June 2010. This performance was held for the entertainment of the indian artists.
අනගාරික ධර්මපාල මාවත,
පින්වත්ත, දෙහිවල,
ශ්‍රී ලංකාව
දුරකතනය: +94 112 714 241
විද්‍යුත් තැපෑල: info@puppet.lk