English (UK)

සේවාවන්

පාරම්පරික රූකඩ කලා කෞතුකාගාරය මඟින් ශ්‍රී ලංකාවේ පාරම්පරික රූකඩ කලාව රැක ගැනීම උදෙසා සුවිසල් මෙහෙවරක නිරතුරුවම නිරතව සිටියි.

පාරම්පරික රූකඩ කලා කෞතුකාගාර‍යේ නිර්මාතෘ සරත් අබේගුණවර්ධන මහතා විධිමත්ව සහ ඉහළ තත්වයෙන් යුතු මෙවැනි කෞතුකාගාරයක් ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වතාවට ඉදිකිරීම මඟින් සහ පාරම්පරික රූකඩ ශිල්ප කලාවන් එක්තැන් කර විධිමත්ව ඉදිරිපත් කිරීම තුළින් සුවිසල් සේවාවක් ඉටුකර ඇත.

මේ සමඟම පාරම්පරික රූකඩ කලාවට සම්බන්ධ රූකඩ කලා ශිල්පීන් එක්රැස් කිරීමක් ද සිදුව ඇත. ඒ තුළින් ඔවුන්ට තම රූකඩ කලා සංදර්ශන වඩාත් විධිමත්ව ඉදිරිපත් කිරීමටද රූකඩ නිර්මාණය කරන්නට අවශ්‍ය උපකාර ලබාගැනීමට සහ ඔවුන්ගේ නිර්මාණ දේශීයව සහ විදේශීයව අළෙවි කිරීමටද අවස්ථාව සලසා දී ඇත.

එමෙන්ම පැරණි රූකඩ නිර්මාණ සහ වෙස් මුහුණු ඇතුළු වෙනත් අදාල නිර්මාණ සංරක්ෂණයටද පියවර ගෙන ඇත.

  • ශ්‍රී ලංකාව තුළ සහ විදේශීය ලෙස රූකඩ කලා සංදර්ශන සංවිධානය කිරීම.
  • පාරම්පරික රූකඩ කලාව පිළිබඳව සම්මන්ත්‍රණ, වැඩමුළු, පුහුණු පාඨමාලා සංවිධානය කිරීම.
  • පාරම්පරික රූකඩ කලාව පිළිබඳව පර්යේෂණ සිදුකිරීම සහ අවශ්‍ය උපකාර ලබාදීම.
  • රූකඩ රංග ශිල්පීන්ට සහ නිර්මාණකරුවන්ගේ ආර්ථික තත්වයන් නගාසිටුවීමට දායකවීම.
  • රූකඩ කළාවට අදාල එක්රැස්කිරීම සහ පාරම්පරික දැනුම සංරක්ෂණය කිරීම.
  • පාසල් සිසුන් සඳහා රූකඩ කලා කෞතුකාගාරය තුළ හෝ ඔවුන්ගේ පාසල් තුළම රූකඩ පිළිබඳ වැඩමුලු සමඟ රූකඩ සංදර්ශන සංවිධානය කර දීම

පුවත් හා සිදුවීම්

විදේශ සංචාරකයන් සඳහා රූකඩ කලා සංදර්ශන
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ සංචාරකයන්ට ශ්‍රී ලාංකීය කලා නිර්මාණ ඉදිරිපත්...
Read more
කියුබානු සංචාරය
කියුබාව හා ශ්‍රී ලංකාව අතර පවතින තානාපති සබඳතා සඳහා අවුරුදු 51 ක් පිරීම...
Read more
IIFA - International Indian Film Acadamy Awards 2010
Sri lankan puppet art museum performed in the Hotels; Galle Face Hotel,...
Read more

අමතන්න

අනගාරික ධර්මපාල මාවත,
පින්වත්ත, දෙහිවල,
ශ්‍රී ලංකාව

දුරකතනය:  +94 112  714  241
විද්‍යුත් තැපෑල:  info@puppet.lk

යාවත්කාලීනය: 30-12-2014.

කතුහිමිකම © 2017 පාරම්පරික රූකඩ කලා කෞතුකාගාරය. සියළු හිමිකම් ඇවිරිනි.